June 28, 2022

පසුගිය වසර කීපය තුල විදෙස් ගත ශ්‍රමිකයන් විසිිින් වාර්ෂිකව මෙරටට එවනු ලබන විදේශ විනිමයන් හි සමස්ථ වටිනාකම ‌ඩොලර් බිලියන හත හමාර ඉක්මවන බව වාර්ෂික මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. එය මෙම වර්ෂයේ දී ඩොලර් බිලියනයක් දක්වා පහත වැටී ඇතිබවද එම වාර්තාතාවගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට රට තුල උද්ගතව ඇති බරපතල දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙන්ම වත්මන් පාලක පක්ෂය සහ විපක්ෂයෙහි පාලන කාලයන් තුල සිදු වූ දූෂණ සහ වංචාකාරී ක්‍රියා හේතුවෙන් පාලකයන් කෙරෙහි විශ්වාසය බිදී යාම මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇති එක් ප්‍රධාන හේතුවක් ව ඇති බව ආර්ථික විශ්ලේශකයෝ මත පළකරතී.

විදෙස් ශ්‍රමිකයන් විසින් තව දුරටත් මෙරට ට මුදල් එවීම නවතා ඇති හෙයින් එක් වසරක දී රට ට අහිමිවන මුදල විදුලි බලාගාර තිස් දෙකක් නිර්මාණය කළ හැකි තරමේ ධනස්කන්දයක් බව ද ඔවුහූ වැඩිදුරටත් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.